මත්ද්‍රව්‍ය, නීතිවිරෝධී ගි#අවි සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසියට අත්‍යාවශ්‍යව සිටි සැකකරුවන් දෙදෙනෙකු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවර සිට පිටුවහල් කිරීමෙන් පසු අද (03) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දුන්කන්නාව ප්‍රදේශයේ පදිංචි බන්ධුල දිසානායක (37) සහ ‘පරෙවි සුදා’ නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු වන බොරැල්ල ප්‍රදේශයේ පදිංචි හර්ෂ කුමාර (36) යන අයයි.
ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවල දර්ශන දුරකථනවල තබාගැනීමේ චෝදනා මත එරටදී අත්අඩංගුවට ගෙන සිටි මොවුන් දෙදෙනා අද උදෑසන EY-392 දරන ගුවන්යානයෙන් මෙරටට එවීමෙන් පසු මෙලෙස භාරගෙන ඇත.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව බන්ධුල දිසානායක කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයටත් (TID), හර්ෂ කුමාර කොළඹ දකුණ කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයටත් භාරදී තිබේ.

නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි
‘බටුවත්තේ චාමර’ගේ මිලියන ගණනක් වටිනා දේපළ රැසක් තහනම් කෙරේ!
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් සිසුන්ට දැනුම්දීමක්
අධි වෝල්ටීයතා මාර්ග අසල සරුංගල් යැවීමෙන් වළකින ලෙස NSO වෙතින් හදිසි ඉල්ලීමක්!
සියඹලා ඇටයක් උගුරේ සිරවීමෙන් 7 හැවිරිදි කුඩා දැරියකට අවාසනාවන්ත මරණයක්
චමරි අතපත්තුගෙන් ඓතිහාසික ක්‍රිකට් වාර්තාවක්! ලකුණු 5කට කඩුලු 7ක් සමඟ හැට්රික් එකක්!
පොලීසියට කට්ටි පැන්න කූඹිකැලේ චූටි’ගේ බිරිඳ හෙරොයින් සමඟ මාට්ටු
බුත්තල – කතරගම පාරේදී බස් රථයකට වනඅලි ප්‍රහාරයක්! 10ක් රෝහලට!
මෙරට ප්‍රථම සජීවීකරණ කාටූන් සිනමා නිර්මාණකරු දැයෙන් සමුගනී
ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්