රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට නිවසින් ආහාර ලබාගැනීමට අවසර ලබාදී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා සඳහන් කළේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ පාර්ශවයෙන් ලද ඉල්ලීමක් අනුව ඒ සඳහා අවසර ලබාදී ඇති බවය.
එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේ දී අල්ලස් ලබාගත් බවට සැකපිට අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය සිකුරාදා නියෝග කළේය.
ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඔහු රඳවා සිටින වාට්ටුව ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එමෙන්ම දිනකට තිදෙනෙකුට ඔහු බැලීම සඳහා අවසර ලබාදී ඇති බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ මව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (07) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාරය වෙත ගොස් නාමල් රාජපක්ෂ මහතාගේ සුවදුක් විමසූ බව අද දෙරණ වාර්තාකරු පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද පෙරවරුවේ නාමල් රාජපක්ෂ මහතා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණ තිබුණි.

අදින් ඇරඹුණු පාසල් වාරය අවසන් වන දිනය
යෝෂිතගේ අභියාචනා පෙත්සමක් ඉල්ලා අස්කර ගනී
විදුලි වාහන සඳහා කොළ පැහැති නව අංක තහඩුවක්
අම්පිටියේ සුමනරතන හිමි අත්අඩංගුවට
හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව වටයට
කාදිනල් හිමි කළ ඉල්ලීම
කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කරයි
පාතාලයින්ට ජනපතිගෙන් තර්ජනයක්
පියාව අවසන් ගමන් යැවූ 16 හැවිරිදි අජාසත් පුතා
ජයට සැමරූ එජාප 80 වැනි සංවත්සරය
පොලිස් සැරයන්වරයෙකුව අවසන් ගමන් යැවූ රිය අනතුර