Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් අත්අඩංගුවට ගැනීම ගැන පොහොට්ටුවෙන් මාධ්‍ය නිවේදනයක්

14 minutes ago

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, ආණ්ඩුව විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එල්ල කළ දැඩි ප්‍රහාරයක් සහ දේශපාලන පළිගැනීමක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නිවේදනය කරයි.

පක්ෂයේ මහලේකම් සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ, එළඹෙන සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුරයේ පැවැත්වීමට නියමිත දැවැන්ත ජන රැළියට ලැබෙන ඉහළ ජනප්‍රසාදය හමුවේ බියට පත්ව ආණ්ඩුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.

අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයෙකුගෙන් ඕස්ට්‍රේලියාවේදී ලබාගත් විශ්වාසනීයත්වයකින් තොර ප්‍රකාශයක් මත පදනම්ව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පවසන පොදුජන පෙරමුණ, නාමල් රාජපක්ෂට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි.

නායකයෙකු සිරගත කළද ජනතා බලවේගය මර්දනය කළ නොහැකි බවත්, සැප්තැම්බර් 12 අනුරාධපුර මහ ජන රැළිය සැලසුම් කළ පරිදිම වඩාත් ශක්තිමත්ව පවත්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *