Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පොලිස් සැරයන්වරයෙකුව අවසන් ගමන් යැවූ රිය අනතුර

23 minutes ago

තණමල්විල පොලිස් වසමේ තණමල්විල – හම්බේගමුව මාර්ගයේ අරඹේකෙම ප්‍රදේශයේදී ඊයේ (05) සිදුවූ යතුරුපැදි අනතුරකින් පැදිකරු මියගොස් ඇතැයි තණමල්විල පොලිසිය පවසනවා.

තණමල්විල දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ අවුරුදු 43ක් වූ ගාමිණිපුර, තණමල්විල ප්‍රදේශයේ පදිංචි හම්බේගමුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

අනතුරින් මියගිය පොලිස් සැරයන්වරයාගේ මෘත ශරීරය මොණරාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, තණමල්විල පොලිසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *