එක්සත් අරාබි එමීර් රාජ්යයේ ඩුබායි හි පැවැත්වෙන 2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන තරගාවලියේ B කාණ්ඩයේ පැවැති තීරණාත්මක තරගයෙන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම කඩුලු 4කින් පරාජය කිරීමට ශ්රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
මෙම ජයග්රහණයත් සමග ශ්රී ලංකා කාන්තා කණ්ඩායම තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණා.
ඩුබායි ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ප්රථමයෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව ප්රථමයෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 114ක් රැස් කළා.
බංග්ලාදේශය වෙනුවෙන් Sobhana Mostary ලකුණු 34ක් සහ Dilara Akter ලකුණු 26ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ශ්රී ලංකා කණ්ඩායම පන්දු වාර 19.2කදී කඩුලු 6ක් පමණක් දැවී ලකුණු 115ක් ලබාගනිමින් තරගයේ ජයග්රහණය තහවුරු කර ගැනීමට සමත් වුණා.
ශ්රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ හර්ෂිතා සමරවික්රම පන්දු 37කදී හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 48ක් රැස් කරමින් ජයග්රහණය කරා කණ්ඩායම මෙහෙයවූවා.

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට