Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි

3 hours ago

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් (යැපෙන්නන්) එරටට ගෙනඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මීට අමතරව, තාවකාලික වීසා මත සිටින පිරිසට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සඳහා වන නීති ද ඉදිරියේදී තද කිරීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් දැනුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට පවතින නීතිවලට අනුව, විදේශීය සිසුන්ගේ සහකරුවන්ට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් කැඳවාගෙන ඒමටත් අවස්ථාව පැවතුනි.

දැනට වසරකට 300,000ක් පමණ වන විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීම ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *