ලෝක මලල ක්‍රීඩා පිටියේ ශ්‍රී ලංකා නාමය ඉහළට ඔසවා තැබූ රුමේෂ් තරංගගේ හෙල්ල 5කට හානි සිදුවීම සම්බන්ධයෙන් ඔහුගේ පියා මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.
එහිදී ඔහු සඳහන් කළේ, රුමේෂ් ලොව රටවල් 200කට ආසන්න සංඛ්‍යාවක් අතරින් හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් අංක එකේ ස්ථානයේ සිටින බැවින් ඔහුට අවශ්‍ය සහයෝගය ලබාදීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.
ඒ සඳහා අවශ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු බවත්, රුමේෂ්ගේ ක්‍රීඩා කටයුතු සඳහා සහයෝගය ලබාදීම සියලුදෙනාගේ වගකීමක් බවත් ඔහු ප්‍රකාශ කළා.
රුමේෂ් ආදරයෙන් රැකබලා ගත් හෙල්ල 5ක් යනු විශාල වියදමක් බවත්, එම හෙල්ල මේ වනවිට අහිමිවීම කනගාටුවට කරුණක් බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම සිදුවීම හේතුවෙන් පසුබැසීමට සූදානම් නොමැති බවත්, රටේ ජනතාවට සතුටක් ලබාදීම සඳහා රුමේෂ්ගේ ඉදිරි ගමන අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය බවත් ඔහු පැවසුවා.
මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ඉදිරිපත් කර ඇති බවත්, එය කඩිනමින් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කළා.

ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ
හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්
මාලිමාව රට වටේම රැලි තියන්නේ ඇයි?
ශානිගේ සහ රවීගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවෙයි
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 11 වැනි ජාතික බාලදක්ෂ ජම්බෝරියේ නිල ලාංඡනය එළිදැක්වේ
දුරදිග ගිය ආරවුල 18 හැවිරිදි තරුණයාට දිවි අහිමි කරයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්