Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!

27 minutes ago

මට්ටක්කුලිය ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ ධාවනය වූ ත්‍රීරෝද රථ 3ක සහ යතුරුපැදි 4ක එකපෙළට ගැටීමෙන් ඊයේ (16) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරින් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් තිබේ.

අනතුරින් මියගොස් ඇත්තේ වයස අවුරුදු 64ක පුද්ගලයින් දෙදෙනෙකු සහ 44 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. ඔවුන් ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 15 සහ වත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය තහවුරු කරයි.

සිද්ධියත් සමඟ වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් තුවාලකරුවන් කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර, මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

අනතුර සිදුකළ මෝටර් රථයේ රියදුරු මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *