Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කෙ‍ාළඹ නව Metro බස් සිතියම එළියට

3 hours ago

කොළඹ මෙට්‍රෝ බස් රථ සේවාව (Lanka Metro Transit) සැප්තැම්බර් අග වන විට තවදුරටත් පුළුල් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සිය X ගිණුම හරහා නිවේදනය කර සිටී. කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි සකස් කළ නව බස් මාර්ග සිතියම ද අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නව ප්‍රවාහන ජාලය හරහා කොළඹ ප්‍රධාන තදාසන්න ප්‍රදේශ සහ ප්‍රවාහන මධ්‍යස්ථාන සම්බන්ධ වන පරිදි නව බස් රථ සේවා හතක් (07) හඳුන්වා දී තිබේ:

  • CM 01: මාකුඹුර සිට පිටකොටුව දක්වා
  • CM 02: මිලේනියම් සිටි සිට කොළඹ කොටුව දක්වා
  • CM 03: කඩවත සිට මාකුඹුර දක්වා
  • CM 04: දෙමටගොඩ සිට පානදුර දක්වා
  • CM 05: බත්තරමුල්ල සිට ඒකල දක්වා
  • CM 06: කොල්ලුපිටිය වටරවුම් මාර්ගය
  • CM 08: කහතුඩුව සිට පිටකොටුව දක්වා

මෙම ප්‍රවාහන පද්ධතිය මඟින් මහරගම, නුගේගොඩ, බත්තරමුල්ල, මාලබේ, දෙහිවල, මොරටුව සහ ජාඇල යන ප්‍රධාන ප්‍රදේශ රැසක් එකිනෙක සම්බන්ධ වන අතර, මගීන්ට වඩාත් සුරක්ෂිත මෙන්ම සුවපහසු ගමන් අත්දැකීමක් හිමිවන බව අමාත්‍යවරයා පවසයි. සේවාව ආරම්භ කරන නිශ්චිත දිනය ඉදිරියේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *