හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (16) නියෝග කළා.
අරවින්ද සිල්වාගේ බිරිඳගේ නිවුන් සහෝදරිය මෙන් ම, මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාට මීට පෙර තිබූ නඩුවක ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටින අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ එම ඇපකාරභාවයෙන් ඉවත්වීම සඳහා පවරා තිබූ නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කරනු ලැබුවා.
එම නියෝගය කළේ, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.
එහිදී අදාළ නඩුවේ ඇපකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මිය ගොස් සිටියදී, අරවින්ද ද සිල්වාගේ නිවසින් හමුවූ අතර, ඒ සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මැයි මාසයේ 12 වන දා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබා දුන්නා.
පසුව අරවින්ද ද සිල්වාගේ බිරිඳ ප්‍රියංගා අනුෂ්කා විජේනායක අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබුවා.

ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට
රුමේෂ් තරංගගේ පිහිටට පැමිණි ඩඩ්ලි සිරිසේන
එයාර් බස් ගනුදෙනුවට නාමල් රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ කතාව
එයාර්බස් ගනුදෙනුවට නාමල් සැප්. 23 දක්වා රිමාන්ඩ්
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්