ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලබන විදේශීය සිසුන්ට ඔවුන්ගේ ස්වාමිපුරුෂයා, බිරිඳ හෝ දරුවන් (යැපෙන්නන්) එරටට ගෙනඒම තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ. මීට අමතරව, තාවකාලික වීසා මත සිටින පිරිසට වෙනත් වීසා කාණ්ඩවලට මාරුවීම සඳහා වන නීති ද ඉදිරියේදී තද කිරීමට නියමිතය.
ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් විසින් මෙම නව සංක්‍රමණික ප්‍රතිපත්ති පිළිබඳව ඉදිරියේදී නිල වශයෙන් දැනුම්දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දැනට පවතින නීතිවලට අනුව, විදේශීය සිසුන්ගේ සහකරුවන්ට ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරතවීමටත්, වයස අවුරුදු 18ට අඩු දරුවන් කැඳවාගෙන ඒමටත් අවස්ථාව පැවතුනි.
දැනට වසරකට 300,000ක් පමණ වන විදේශීය සංක්‍රමණිකයන් සංඛ්‍යාව 2028 වන විට 225,000 දක්වා සැලකිය යුතු ලෙස අඩු කිරීම ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රධාන ඉලක්කය වී තිබේ.

රේණුක පෙරේරා රිමාන්ඩ්
ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට
අරවින්ද සිල්වා සහ බිරිඳ වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග