දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ජාතික ගමනාගමන කොමිසමේ හිටපු සභාපති රේණුක පෙරේරා මහතා ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ අල්ලස් කොමිසමේ නිලධාරීන් කියා සිටියේ, මෙම සැකකරු ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා බස් රථ සඳහා බලපත්‍ර පනස් හයක් වාර්ෂික ගාස්තු එකවර අය කර ගැනීමකින් තොරව නිකුත් කර තිබෙන බවය.
මෙම බලපත්‍ර නිකුත් කිරීමට අදාළව 2014 වසරේ සැප්තැම්බර් මස 19 වනදා අමාත්‍ය මණ්ඩලය විසින් නිර්ණායක නිකුත් කර තිබූ බවත් එම නිර්ණායක උල්ලංඝනය කරමින් තමන් විසින්ම පත් කළ කමිටුවක් හරහා ලබාගත් නිර්දේශ මත සැකකරු මෙම බලපත්‍ර පනස් හය නිකුත් කර තිබෙන බවත් එම නිලධාරියා පැවසුවේය.
සැකකරු විසින් පත් කළ කමිටුව විසින් කළ නිර්දේශ මත බලපත්‍ර 30ක් නිකුත් කර ඇති අතර සැකකරුගේ අභිමතය පරිදි තවත් බලපත්‍ර 26 ක් නිකුත් කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.
මෙම බලපත්‍ර සඳහා වාර්ෂික ගාස්තු එකවර අයකර ගනු ලැබුවොත් රුපියල් 86,747,880ක මුදලක් රජයට අයකර ගැනීමට හැකියාවක් තිබුණ ද මෙම සැකකරු වාර්ෂික ගාස්තුවෙන් අඩක් පමණක් අය කරගෙන අදාළ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් රුපියල් තුන්කෝටි හසු නව ලක්ෂයකට අධික මුදලක් රජයට අහිමිවී තිබෙන බවත් අල්ලස් කොමිසමේ නිලධාරියා එහිදී කීය.
මේ තුළින් සැකකරු දූෂණය නමැති වරද සිදුකර තිබෙන බව අල්ලස් කොමිසමේ නිලධාරියා පැවසීය.
මෙම සිද්ධියට අදාළව වැඩිදුර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබෙන අතර බැංකු වාර්තා මෙන්ම දුරකථන ඇමතුම් වාර්තා ද ලබා ගැනීමට නියමිතව බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදාහරිනු ලැබුවහොත් විමර්ශන කටයුතුවලට බාධා සිදුවිය හැකි හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙසත් අල්ලස් කොමිසමේ නිලධාරියා අධිකරණයෙන් ඉල්ලීම් කළ බව සඳහන්ය.
ඉන් අනතුරුව සැකකාර රේණුක පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් කොමිසම විසින් එල්ල කරන චෝදනා සියල්ල සිය සේවාදායකයා ප්‍රතික්ෂේප කරන බව පැවසුවේය.
මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුවුණේ විෂය භාර අමාත්‍යංශය විසින් ගනු ලැබූ තීන්දු තීරණ වලට අනුකූලව බවත් සිය සේවාදායකයා කිසිදු ආකාරයක අක්‍රමිකතාවක නිරත වී නොමැති බවත් ඔහු සඳහන් කළේය.
සැකකරුට පවතින රෝගී තත්ත්වයන් පිළිබඳව ද අධිකරණය හමුවේ කරුණු පැහැදිලි කර සිටි ජනාධිපති නීතිඥවරයා ඊට අදාළ වෛද්‍ය වාර්තා කිහිපයක්ද මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් පත් කර සිටියේය.
දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේ, සැකකරුගේ ඇපල්ලීම ප්‍රතික්ෂේප කරන බවය.
“මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවල සාක්ෂි සම්පින්ඩනයක් අධිකරණය ඉදිරිපත් වී තිබෙනවා. එය පරීක්ෂා කිරීමේදී මෙම සැකකරු රජයට පාඩුවක් සිදු කර තිබෙන බවට සෑහීමකට පත්විය හැකි කරුණු අධිකරණයට ඉදිරිපත් වෙලා තිබෙනවා.
සැකකරුගේ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා ද අසම්පූර්ණ තත්ත්වයක පවතිනවා. ඊට අමතරව මෙම සිද්ධියට සම්බන්ධ බලපත්‍ර ලාභීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට පවතින බව පැමිණිල්ල විසින් දැනුම් දෙන බැවින් මෙම අවස්ථාවේදී සැකකරු ඇප මත මුදා හරිනු ලැබුවොත් විමර්ශන කටයුතුවලට බලපෑම් සිදුවීමට හැකියාව පවතිනවා.”
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන ඇප පනත ප්‍රකාරව මෙම සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවත් මහේස්ත්‍රත්වරයා නියෝග කළේය.

ජනතාවගේ සෞඛ්‍ය ගොඩනඟන්න ජනපතිගෙන් දැවැන්ත තීරණයක්
කොළඹ නව Metro බස් සිතියම එළියට
ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබීමට පැමිණෙන විදේශීය සිසුන්ට නව නීති පනවයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් බදු අය කළ හැකි බවට තීන්දුවක්
සවස 1න් පසු වැසි වැටෙන ප්‍රදේශ
මොහු ඉදිරියේ මුදල් තැන්පත් කරන්න එපා! මහ බැංකුවෙන් නිවේදනයක්!
දුම්රිය වර්ජනය ඇරඹෙයි
මට්ටක්කුලිය මාරක රිය අනතුරින් මියගිය ගණන 3ක් දක්වා ඉහළට! 10ක් රෝහලට!
මෙරට සමස්ත මරණවලින් 80%කටම ප්‍රධානතම හේතුව හෙළිවෙයි
ඩොලරය හදිසියේම උඩ යයි
‘භූත කළුවා’ ඝාතනය ගැන තොරතුරු රැසක් එළියට
අරවින්ද සිල්වා සහ බිරිඳ වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග