Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් ගැන තොරතුරු හෙළිවෙයි

1 day ago

ගිනිඅවි 8ක්, ජීව උණ්ඩ තොගයක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කඩවත, වෑබඩ දී අත්අඩංගුවට ගත් සැකකරු, ඝාතනය වූ ඩෑන් ප්‍රියසාද්ගේ සහෝදරයා ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් ඔහුගේ පියා ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කඩවත, වෑබඩ ප්‍රදේශයේ කුලී පදනම මත නිවසක පදිංචිව සිටිය දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

එහිදී සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක්, විවිධ වර්ගයේ ජීව උණ්ඩ 534ක්, මෙරට නිෂ්පාදිත ගිනිඅවි 8ක් සහ අත් මාංචු යුගල දෙකක් සොයාගෙන ඇත.

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවෙකුගේ උපදෙස් මත ඒවා තමන් සතුව තබාගෙන ඔහුගේ උපදෙස් මත විවිධ පුද්ගලයන්ට ලබාදුන් බවද සැකකරු පවසා තිබේ.

මෙම සැකකරු අදාළ අපරාධකරුගේ මත්ද්‍රව්‍ය හා ගිනිඅවි ප්‍රවාහනය කරන ප්‍රධාන පුද්ගලයා බවට තොරතුරු ලැබී ඇති බව ද පොලීසිය පවසයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *