2019 පාස්කු ඉරුදින ප්‍ර#ර සිද්ධියට අදාළව ගොනුකර තිබූ දීර්ඝ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත අද (22) දිනයේ, අලුත්කඩේ අධිකරණ පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබේ.
මේ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක්ම අනියුක්ත කර ඇති බව වාර්තා වේ.
නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අලුත්කඩේ මහාධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලබයි.
ත්‍රස්ත ප්‍ර#රය සඳහා කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270 කට අධික සංඛ්‍යාවක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබුණි.
මෙම නඩුව සඳහා පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී ඇති අතර, පසුගිය අගෝස්තු 24 වන දින සාක්ෂි විමසීමේ කටයුතු අවසන් කෙරිණි.

අද කාලගුණ නිවේදනය
හරක් කටා සහ කෙහෙල්බද්දර පද්මේ බන්ධනාගාරයේදී ගැටෙයි! තුවාල ලැබූ පද්මේ රෝහලට!
ශ්‍රී ලංකා මහ බැංකුව සමාගම් 6 ක වත්කම් තහනම් කරයි
නාමල් අද යළි අධිකරණයට
පාස්කු මහ නඩුවේ අවසන් තීන්දුවේ සම්පූර්ණ විස්තරය මෙන්න
පාස්කු නඩුවේ වරදකරුවන්ට දඬුවම් නියම කරයි
අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8ක ජල කප්පාදුවක්
පාසල්වලට Smart Boards
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමතිට ඇප
“සුරේෂ් සලේගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක් වෙලා” – අධිකරණයේදී කරුණු රැසක් හෙළි වෙයි
ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා පිලට ලැබුණු ඉලක්කය