පරිශීලකයින් වෙත වඩාත් කාර්යක්ෂම සහ උසස් සේවාවක් ලබා දීමේ අරමුණින්, ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර (eRL 2.0) පද්ධතිය යාවත්කාලීන කිරීමට කටයුතු යොදා ඇත.
ඒ අනුව, 2026 සැප්තැම්බර් 25 වන සිකුරාදා දින සිට 2026 සැප්තැම්බර් 28 වන සඳුදා දින දක්වා කාලය තුළ පහත සඳහන් පළාත් 8 හි ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සේවාවන් තාවකාලිකව අත්හිටුවන බව අදාළ පළාත් සභා විසින් දන්වා සිටියි.
මධ්‍යම පළාත
උතුරු මැද පළාත
වයඹ පළාත
දකුණු පළාත
නැගෙනහිර පළාත
උතුරු පළාත
සබරගමුව පළාත
ඌව පළාත
අදාළ පද්ධති යාවත්කාලීන කිරීම්වලින් අනතුරුව, 2026 සැප්තැම්බර් 29 වන අඟහරුවාදා දින සිට නැවත සාමාන්‍ය පරිදි සේවාවන් ලබා දීමට පද්ධතිය සක්‍රීය කරනු ලැබේ.
මෙම තාවකාලික සේවා අත්හිටුවීම හේතුවෙන් සේවාලාභීන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව අදාළ පළාත් සභා කණගාටුව පළ කර ඇත.

භාණ්ඩාගාර බිල්පත් පොලියේ වැඩිවීමක්
කුසල් මෙන්ඩිස්ගෙන් ශතකයක්
ප්‍රදේශ රැසකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි
කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට එන අයට විශේෂ දැනුම්දීමක්
ජානකී සිරිවර්ධන රිමාන්ඩ්
පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක්
ශිරන්ති රාජපක්ෂ FCIDයෙන් වෙනත් දිනයක් ඉල්ලයි
ඉලක්කයටත් එහා ගිය සැප්තැම්බර් රේගු ආදායම
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් දිලිත් ජයවීර කළ ඉල්ලීම
පොලිස් නිෂ්කාශන අයදුම්පත් සඳහා නව WhatsApp අංකයක්
නව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි