Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රදේශ රැසකට නායයෑම් රතු නිවේදන නිකුත් කරයි

25 minutes ago

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) පියවර ගෙන තිබෙනවා.

අද (24) පස්වරු 5.00 සිට හෙට (25) පස්වරු 5.00 දක්වා ඉදිරි පැය 24ක කාලය සඳහා මෙම නිවේදනය ක්‍රියාත්මකයි.

ඒ අනුව, ප්‍රදේශ කිහිපයකට වහාම ඉවත්වීමේ ‘රතු නිවේදන’ නිකුත් කර ඇති අතර තවත් ප්‍රදේශ ගණනාවකට අවධානයෙන් හා විමසිලිමත්ව සිටින ලෙස උපදෙස් දී තිබෙනවා.

රතු නිවේදන නිකුත් කළ ප්‍රදේශ (ඉවත්වන්න):

 * ගාල්ල: තවලම, නාගොඩ, නෙළුව, නියාගම

 * මහනුවර: පස්බාගේ කෝරලේ, උඩපළාත, ගඟ ඉහළ කෝරලේ, දොළුව

 * නුවරඑළිය: අඹගමුව, නෝර්වුඩ්, කොත්මලේ බටහිර, කොත්මලේ නැගෙනහිර

අවධානයෙන් සිටිය යුතු ප්‍රදේශ:

 * ගාල්ල: කරන්දෙණිය, ඇල්පිටිය, බද්දේගම

 * හම්බන්තොට: කටුවන, වලස්මුල්ල

 * කළුතර: වලල්ලාවිට

 * මහනුවර: දෙල්තොට, පන්විල, යටිනුවර, ගඟවට කෝරලේ, උඩුනුවර

 * කෑගල්ල: දැරණියගල, යටියන්තොට, මාවනැල්ල, දෙහිඕවිට, අරණායක

 * නුවරඑළිය: තලවකැලේ

 * රත්නපුර: රත්නපුර

 * මාතර: කොටපොල, පස්ගොඩ, පිටබැද්දර

විමසිලිමත්ව සිටිය යුතු ප්‍රදේශ:

 * කොළඹ: සීතාවක, පාදුක්ක

 * ගම්පහ: අත්තනගල්ල, මීරිගම

 * කෑගල්ල: වරකපොළ, කෑගල්ල, ගලිගමුව, බුලත්කොහුපිටිය, රුවන්වැල්ල

 * මහනුවර: පාතහේවාහැට, උඩුදුම්බර, මැදදුම්බර, කුණ්ඩසාලේ, පාතදුම්බර, තුම්පනේ, පූජාපිටිය, අකුරණ, හතරලියද්ද, හාරිස්පත්තුව

 * කුරුණෑගල: අලව්ව, මාවතගම, පොල්ගහවෙල, මල්ලවපිටිය

 * කළුතර: ඉංගිරිය, බුලත්සිංහල

 * මාතර: අකුරැස්ස

 * රත්නපුර: කලවාන, ඇලපාත, අයගම, පැල්මඩුල්ල, නිවිතිගල, කුරුවිට

කඳුකර සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව නායයෑම් පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙසත්, රතු නිවේදන නිකුත් කර ඇති අවදානම් ප්‍රදේශවල සිටින පිරිස් කඩිනමින් ආරක්ෂිත ස්ථාන කරා ඉවත්වීමට පියවර ගන්නා ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *