බුදුදහමට අපහාසාත්මක ලෙස වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කර, දිවයිනේ ප්‍රධාන පූජනීය ස්ථාන වෙත ප්‍රහාර එල්ලකරන බවට ප්‍රචාරය කළ ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
රංගිරි දඹුලු විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය ධානියගම ආනන්ද හිමියන් විසින් දළදා මාළිගාව, ජය ශ්‍රී මහා බෝධිය, ථූපාරාමය සහ දඹුලු විහාරය ඇතුළු පූජනීය ස්ථානවලට බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට වට්ස්ඇප් මගින් කෙරෙන ප්‍රචාරයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද ලිඛිත පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.
සැකකරුගේ ජංගම දුරකථනයේ තිබී බුදුරජාණන් වහන්සේගේ රුව විකෘති කරන ලද ඡායාරූප කිහිපයක් සොයාගෙන ඇති අතර, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි ප්‍රහාර එල්ල කරන බවට කළ ප්‍රචාරයන් හුදෙක් විනෝදාස්වාදය සඳහා සිදුකළ බව සැකකරු පවසා ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කම
ශ්‍රී ලංකාව ආසන්න මුහුදේ ඇති ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන පලවන වාර්තා පිළිබඳ විදේශ අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්
අද අව්-වැසි තත්ත්වය
කුකුළු මස් හා බිත්තර මිල ඉහළට?
කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි
කාන්තාවකට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් පනවයි
කුකුල් මස් කිලෝවක් අල්ලස් ලෙස ඉල්ලූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම්
පාකිස්තානට එරෙහි T20 සංචිතය නම් කෙරේ
2025 ශිෂ්‍ය කණ්ඩායම තව මාස ගාණකට විශ්වවිද්‍යාලයට බඳවා ගන්න බැහැ – FUTA
බදු ගැන ඇහෙන අලුත්ම පුවත
Marina-front එකේ තියන Prime Marina එකට මෙච්චර ඉල්ලුමක්. ඇත්තටම ඒකට හේතුව මොකක්ද?