අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම් ලැබූවන්ගේ නාම ලේඛනය ප්‍රසිද්ධ කර ඇති අතර, එම නම් ලැයිස්තුවට ඇතුළත් අය පහසුවෙන් බලාගැනීම සඳහා QR කේත ක්‍රමයක් හඳුන්වා දී ඇති බව සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.
QR කේතය ස්කෑන් කිරීමෙන් හෝ, නැතහොත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම එම ලැයිස්තුවේ තිබේද යන්න පරීක්ෂා කළ හැකි බවත්, මීට අමතරව වැඩි විස්තර සඳහා 1924 අංකය අමතා තොරතුරු ලබාගත හැකි බවයි සඳහන් වන්නේ.
අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන සහ පවුල්/පුද්ගලයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු, නව සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මේ වන විට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ප්‍රසිද්ධ කර ඇති බවයි සඳහන් වන්නේ.
ප්‍රදර්ශනය කර ඇති නම් ලේඛනයට අනුව සුභසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා නොමැති හෝ නම් කර ඇති ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳ සෑහීමකට පත් නොවන පවුල් හෝ තැනැත්තන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකි අතර, එසේම, නුසුදුසු පුද්ගලයන් නම් ලේඛනයට ඇතුළත්ව ඇත්නම් ඒ සඳහා විරෝධතා ගොනු කිරීමට ද පොදු මහජනතාවට අවස්ථාව සලසා ඇති බව සඳහන්.
www.eservices.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ප්‍රදේශයේ බලයලත් සන්නිවේදන මධ්‍යස්ථාන හරහා මෙන්ම www.wbb.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කර ගැනීමට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ අස්වැසුම සංවර්ධන විෂය නිලධාරීන්ගෙන් අයදුම්පත් ලබාගෙන පුරවා, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධක තොරතුරු ඒකකයට භාරදීම හරහා ද විරෝධතා ගොනු කිරීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා මූලික අයදුම්පතට අමතරව A සහ B පෝරම ද, මහජන විරෝධතා සඳහා මූලික අයදුම්පතට අමතරව C පෝරමය ද සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර, එක් අභියාචනාකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනාවක් පමණක් වන බවත්, නිර්නාමිකව ද මහජන විරෝධතා ගොනු කළ හැකි බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

අද කාලගුණ නිවේදනය
ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
රජයේ සේවකයින්ට මෙදා අයවැයෙන් ගජ වාසි! අවම වැටුප් වැඩිවීම 20,000ක්!
NPP මන්ත්‍රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්
වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම – සිරුර පිළිස්සූ තැනින් අස්ථි කොටසුත් හමුවෙයි (වීඩියෝ)
හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි
මහ බැංකු බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 28 දා
ආදරයක් සොයන ශ්‍රී ලාංකික තනිකඩයින්ටත් සියලුම වියදම් සහිතව ෆින්ලන්තයට යන්න සුපිරි අවස්ථාවක්! අයැදුම් කරන ආකාරය මෙන්න!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්! අනවශ්‍ය ලෙස කලබල නොවන්නැයි ජනතාවට දැනුම්දීමක්!
ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති