පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් ක්රිකට් තරගාවලියේදී එංගලන්තයට එරෙහිව පැවති තරගයේ නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්යාව අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ශ්රී ලංකා කණ්ඩායමට තරග ගාස්තුවෙන් 5%ක දඩයක් පැනවීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය (ICC) පියවර ගෙන තිබේ.
පසුගිය ඔක්තෝබර් 29 වැනිදා ලාහෝර්හිදී පැවති මෙම තරගයේදී නියමිත කාලය අවසන් වන විට ශ්රී ලංකා කණ්ඩායම එක් පන්දුවාරයක් පිටුපසින් සිටීම මෙම තීරණයට හේතු වී ඇත.
තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායකත්වය දැරූ කුසල් මෙන්ඩිස් අදාළ වරද පිළිගෙන තිබේ. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විභාගයක් පැවැත්වීම අවශ්ය නොවන බව ICCය සඳහන් කර ඇත.
තරග තීරක ජෙෆ් ක්රෝ විසින් මෙම දඩ මුදල නියම කර තිබේ.
ICC චර්යාධර්ම සංග්රහයේ 2.22 වගන්තියට අනුව, සීමිත පන්දුවාර තරගවලදී නියමිත කාලය තුළ පන්දුවාර සංඛ්යාව යැවීමට අපොහොසත් වන කණ්ඩායම්වල ක්රීඩකයන්ට ප්රමාද වන සෑම පන්දුවාරයක් වෙනුවෙන්ම තරග ගාස්තුවෙන් 5%ක දඩයක් පැනවිය හැකිය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තරග විනිසුරුවන් වන අහ්සාන් රසා සහ ෂර්ෆුද්දෝලා ඉබ්නේ ෂාහිද්, තෙවැනි විනිසුරු වේන් නයිට්ස් සහ සිව්වැනි විනිසුරු නසීර් හුසේන් විසින් ඉදිරිපත් කර තිබේ.

නේපාලයේ ගැඹුරුම විල නැරඹීමට ගිය 6 දෙනෙකු අතුරුදහන්
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්