Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!

60 minutes ago

බටහිර මධ්‍යම සහ නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ‘මුරසු’ සුළි කුණාටුව, කන්කසන්තුරයේ සිට කි.මී. 480ක් පමණ ඊශාන දෙසින් කේන්ද්‍රගතව පවතින අතර එය තවදුරටත් වර්ධනය වී ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වීමේ ඉහළ හැකියාවක් පවතී.

මෙම සුළි කුණාටුව අද (02) මධ්‍යම රාත්‍රියේ සිට හෙට අලුයම කාලය අතරතුර නෙල්ලෝර් සහ නර්සාපූර් අතරින් දකුණු ආන්ද්‍රා ප්‍රදේශ් වෙරළ තීරය හරහා ඉන්දියානු ගොඩබිමට ඇතුළු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උතුරු අක්ෂාංශ 10-17 සහ නැගෙනහිර දේශාංශ 80-90 අතර මුහුදු ප්‍රදේශවල මෙන්ම මන්නාරම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා මුහුදු ප්‍රදේශවල නැවත දැනුම්දෙන තුරු ධීවර හා නාවික කටයුතුවලින් වළකින ලෙස දැනුම් දෙයි.

හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා සුළගේ වේගය පැ.කි.මී. 40-45 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත වැසි ඇති වන විට තාවකාලිකව පැ.කි.මී. 60-70 දක්වා ප්‍රබල තද සුළං සමඟ මුහුද ඉතා රළු විය හැකිය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *