ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහ බැංකුව විසින් දැඩි තීරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බවත්, ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත මත පමණක් පිහිටා මෙවැනි තීරණ කල් දැමීමෙන් සමස්ත රටටම බරපතළ හානියක් සිදුවන බැවින් රටට අවශ්‍ය ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපතිවරයා පවසයි.
රටේ අවශ්‍යතාව මත බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට සිදුවන නමුත් බහුතරයක් ජනතාව ඊට අකමැති වීම නිසා සමාජයේ විරෝධතා හා අස්ථාවරත්වයක් මතුවිය හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකදී හෙතෙම පෙන්වා දුන්නේය.
බදු අඩු කිරීම හෝ වැඩි කිරීම මඟින් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව මහජනතාවට නිවැරදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් වන අතර, එමඟින් ජනතාව දැනුවත් කර ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකිය.
දැඩි දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ වුවද රටේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට හැකි වූයේ ජනප්‍රිය නොවන නමුත් රටට අත්‍යවශ්‍ය තීරණ නිවැරදි අවස්ථාවේ ක්‍රියාත්මක කළ නිසා බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්