Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහ බැංකු බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 28 දා

29 minutes ago

2015 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර වෙන්දේසිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි මස 28 වැනිදා පවත්වන ලෙස කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (නොවැම්බර් 02) නියෝග කළේය.

මෙම නඩුව ප්‍රියන්ත ලියනගේ (සභාපති විනිසුරු), පී. ඒ. ටී. බණ්ඩාර සහ නුවන් ධම්මික දිසානායක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

2015 පෙබරවාරි 02 වැනිදා පැවැති බැඳුම්කර වෙන්දේසිය තුළින් රජයට රුපියල් මිලියන 688ක පාඩුවක් සිදු කිරීම ඇතුළු අධිචෝදනා 23ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පත්තිනිගේ සමරවීර, අර්ජුන් ඇලෝසියස් ඇතුළු 10 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

නඩුවේ පළමුවෙනි විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් සහ හයවන විත්තිකරු අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර, ඔවුන් නොමැතිව නඩු විභාගය පවත්වාගෙන යාමට කටයුතු කෙරේ. මෙහි දෙවන විත්තිකරු විසින් මූලික විරෝධතා ගොනු කර ඇති අතර, ඊට අදාළ දේශන ඉදිරිපත් කිරීමට ඉදිරි දිනයක් ලබා දෙන බව විනිසුරු මඩුල්ල මෙහිදී ප්‍රකාශ කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *