ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ඉහළ නැංවීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.
ඒ අනුව, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 490කි.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 424ක් දක්වා ඉහළ යනු ඇති.
එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 05කින් මිල ඉහළ නැංවෙන අතර ඒ අනුව එහි නව මිල රුපියල් 397කි.
ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ නැංවෙන අතර එහි නව මිල රුපියල් 543ක් දක්වා ඉහළ යනු ඇත.
කෙසේවෙතත් භූමිතෙල් මිලෙහි වෙනසක් සිදුවන්නේ නැත. ඒ අනුව භූමිතෙල් මිල වන්නේ රුපියල් 285 කි.
මෙඅතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල ගණන් සමඟ සමාන කිරීම සඳහා ලංකා අයි.ඕ.සී. (Lanka IOC) සමාගම විසින් 92 ඔක්ටේන් පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් මිල ගණන් ඉහළ නංවා තිබේ.
ඒ අනුව, මෙතෙක් පවත්වාගෙන ගිය මිල සංශෝධනය කරමින් සිපෙට්කෝ මිල ගණන්වලට සමානව මෙම ඉන්ධන වර්ගවල මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා අයි.ඕ.සී. සමාගම නිවේදනය කරයි.
කෙසේ වෙතත්, සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් සංශෝධනය කිරීම ඉදිරියේදී දැනුම් දෙනු ඇති බවද එම සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

එළවළු මිල තවදුරටත් ඉහළට
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට
කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්‍රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්‍රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්‍රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට 5%ක දඩයක්