ආර්ථික කටයුතු අටක් සඳහා බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමත් සමඟ මෙතෙක් එම අංකය ලබාගෙන නොමැති විශාල පිරිසක් අද (02) දිනයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත පැමිණ තිබේ.
මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල ද දැඩි තදබදයක් පැවති බව වාර්තා වේ.
එමෙන්ම, TIN අංකය ලබා ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ අයදුම් කිරීමට විශාල පිරිසක් එකවර යොමුවීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ද අවහිරතා මතුව තිබූ අතර, නඩත්තු කටයුතු සඳහා එම වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කිරීමට ද පියවර ගෙන තිබිණි.
බැංකු ගිණුමක් විවෘත කිරීම, වාහනයක් ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම සහ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඇතුළු ආර්ථික කටයුතු අටක් සඳහා නොවැම්බර් 01 වැනිදා සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එම තීරණයත් සමඟ TIN අංකය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් නන්දන කුමාර මහතා පැවසුවේ, අවශ්‍යතාව පරිදි පමණක් TIN අංකය ලබා ගැනීම සඳහා අදාළ කාර්යාල වෙත යොමුවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නන්දන කුමාර මහතා මෙසේ පැවසීය.
“2026 නොවැම්බර් මස පළමුවැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා TIN අංකයක් ලබාගත යුතු බවට 2024 ජනවාරි පළමුවැනිදා සිට නීතිමය අවශ්‍යතාවක් පවතිනවා. TIN අංකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට පැමිණීමේදී, අදාළ ආර්ථික ක්‍රියාකාරකම් අට සඳහා එම අංකය අත්‍යවශ්‍ය වන පුද්ගලයන් පමණක් අදාළ අංශ වෙත යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත්, අනෙකුත් පුද්ගලයන් සඳහා ද TIN අංක නිකුත් කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කරනවා. ඒ නිසා කලබල වීමේ අවශ්‍යතාවක් නැහැ. කාර්යාල කටයුතු පහසුවෙන් කළමනාකරණය කර ගැනීම සඳහා මහජනතාවගේ සහයෝගය අපේක්ෂා කරනවා. යම් පුද්ගලයෙකුට ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා TIN සහතිකයේ පිටපතක් ඉදිරිපත් කළ හැකියි. ඒ නිසා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද TIN සහතිකය ආරක්ෂිතව ළඟ තබාගෙන, අදාළ ආයතන වෙත ඉදිරිපත් කිරීමේදී එහි පිටපතක් භාවිත කරන ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.”

ආදරයක් සොයන ශ්‍රී ලාංකික තනිකඩයින්ටත් සියලුම වියදම් සහිතව ෆින්ලන්තයට යන්න සුපිරි අවස්ථාවක්! අයැදුම් කරන ආකාරය මෙන්න!
ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ