මැදපෙරදිග කලාපයේ උග්‍ර වෙමින් පවතින අර්බුදකාරී තත්වය සහ එල්නිනෝ කාලගුණික බලපෑමෙන් එල්ල වන අතිරේක පිරිවැය හමුවේ, ලබන වසර සඳහා වන රජයේ අයවැය සම්පූර්ණයෙන්ම සුබසාධනය පාදක කරගත් එකක් ලෙස හැඩගැස්වීමට රජය තීරණය කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එළැඹෙන නොවැම්බර් 12 වැනිදා මෙම අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේය.
මෙවර අයවැය තුළ මහජන සුබසාධනය වෙනුවෙන් දැවැන්ත ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, සමස්ත සුබසාධන වැය ශීර්ෂය රුපියල් ට්‍රිලියන 1.2ක් ඉක්මවනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන් රුපියල් බිලියන 240ක පමණ ප්‍රතිපාදන සහිත අස්වැසුම යෝජනා ක්‍රමයට අමතරව, වැඩිහිටි හා ආබාධිත ආධාර, පොහොර සහනාධාර සහ මහපොළ ශිෂ්‍යාධාර ද මීට ඇතුළත්ය.
ඊට සමගාමීව, සුබසාධන අංශය යටතේ විශ්‍රාමිකයන් කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කර තිබේ. ඒ අනුව, පසුගිය වසරේ සිට අලුතින් එක්වූ හත්ලක්ෂ විසිදහසක් වූ විශ්‍රාමිකයන් ද ඇතුළත්ව සමස්ත විශ්‍රාම වැටුප් ගෙවීම් සඳහා රුපියල් බිලියන 500ක මුදලක් වෙන් කර ඇත.
මේ අතර, 2025 වසරේදී ආරම්භ කරන ලද තෙවැදෑරුම් රාජ්‍ය සේවා වැටුප් සංශෝධන යෝජනා ක්රමයේ අවසන් අදියර 2027 අයවැය මගින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරියා අනාවරණය කළේය. මෙම අවසන් අදියර යටතේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සමස්තයක් ලෙස සියයට 24ත් 50ත් අතර ප්‍රතිශතයකින් වර්ධනය වනු ඇත. ඒ අනුව අඩුම ශ්‍රේණිවල සේවකයන්ට රුපියල් 20,000කින් ද, ඉහළ ශ්‍රේණිවල සේවකයන්ට රුපියල් 80,000 දක්වා වූ මුදලකින් ද වැටුප් ඉහළ යනු ඇති අතර, රජය මෙම අවසන් අදියර වෙනුවෙන් රුපියල් බිලියන 330ක මුදලක් වෙන් කිරීමට නියමිතය.
සුබසාධන පියවර පුළුල් කෙරුණ ද, ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පවතින සීමා තවදුරටත් පවත්වා ගැනීමට රජය තීරණය කර තිබේ. රාජ්‍ය සේවකයන් සඳහා තීරු බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමට ගෙන ඇති තීරණය ලබන වසරේදීත් කිසිදු වෙනසකින් තොරව ඒ අයුරින්ම ක්‍රියාත්මක වනු ඇත. එසේම, ලබන වසරේ වාහන ආනයනය කිරීම හරහා රුපියල් බිලියන 800ක දැවැන්ත ආදායමක් අපේක්ෂා කළ ද, වාහන ආනයනය සම්බන්ධයෙන් යම් සීමා කිරීම් තවදුරටත් පවතින බව නිලධාරියා පැහැදිලි කළේය.
කෙසේ වෙතත්, ලෝක වෙළෙඳපොළේ පවතින අවිනිශ්චිතතාව සැලකිල්ලට ගනිමින් ඉන්ධන සහනාධාරය ලබන වසරේදීත් තවදුරටත් ලබා දීමට ඉඩකඩ පවතී. මේ වසරේදී ඒ සඳහා රුපියල් බිලියන 150ක් වැය කර ඇති අතර, ලබන වසරේදී ද ඊට සමාන හෝ ඊට වැඩි මුදලක් ඒ වෙනුවෙන් අපේක්ෂා කෙරේ.
මෙම දැවැන්ත වියදම් පියවා ගැනීම සඳහා රජයේ ප්‍රධාන ආදායම් උත්පාදන ආයතනවල ඉලක්ක ඉහළ නැංවීමට පියවර ගනිමින් සිටී. විශේෂයෙන්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව මේ වනවිටත් අපේක්ෂිත මට්ටමට වඩා ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කර ඇති බැවින් සහ තවදුරටත් ආදායම් වර්ධනය කරගැනීමේ හැකියාවක් පවතින බැවින්, එම දෙපාර්තමේන්තු සඳහා වන ආදායම් ඉලක්ක ඉහළ නැංවීමට කටයුතු කරන බව නිලධාරියා සඳහන් කළේය. මෙම සියලු අයවැය වෙන්කිරීම්වලින් අනතුරුව මහා භාණ්ඩාගාරය සතුව රුපියල් මිලියන 1ක ප්‍රාග්ධනයක් ඉතිරි වන අතර, මහජනතාවගෙන් එකතු කරනු ලබන මෙම බදු මුදල් රටේ පාරවල්, අධිවේගී මාර්ග ඇතුළු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යෙදවීමට නියමිතය.

ඉන්ධන මිල ඉහළ දැමීමට හේතුව බලශක්ති ඇමති පහදයි
NPP මන්ත්‍රී සමඟ ඇති වූ සිද්ධියට අදාළ නඩුවෙන් සූරියකන්ද පොලිස් කොස්තාපල් නිදහස්
වසරකට පසු එළියට ආ ජේසු ෂෙරන් ඝාතන සැලසුම – සිරුර පිළිස්සූ තැනින් අස්ථි කොටසුත් හමුවෙයි (වීඩියෝ)
හිරුණිකාට එරෙහි පැමිණිල්ලක් කල් යයි
මහ බැංකු බැඳුම්කර නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන ජනවාරි 28 දා
ආදරයක් සොයන ශ්‍රී ලාංකික තනිකඩයින්ටත් සියලුම වියදම් සහිතව ෆින්ලන්තයට යන්න සුපිරි අවස්ථාවක්! අයැදුම් කරන ආකාරය මෙන්න!
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැඩි තදබදයක්! අනවශ්‍ය ලෙස කලබල නොවන්නැයි ජනතාවට දැනුම්දීමක්!
ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)