අඛණ්ඩව දෙවන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන ඉහළයාමක් වාර්තා කරමින් සියලු කොටස් මිල දර්ශකය අද (05) දිනයේ දී ඒකක 589.18ක දැවැන්ත වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්විය. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 21,000 සීමාව ඉක්මවා ගොස් ඒකක 21,130.30ක් ලෙසින් සටහන් වූ අතර මෙය පෙර දිනය හා සැසඳීමේ දී 2.87%ක ඉහළ යාමක් වේ.
මේ අතර ඊයේ (04) දිනය තුළ දීද ඒකක 421.48ක සුවිශේෂී වර්ධනයක් වාර්තා කිරීමට සියලු කොටස් මිල දර්ශකය සමත්විය. ඒ අනුව දින එකක් තුළ දී ඒකක 1,010.66කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගොස් තිබීම ආයෝජකයින්ගේ බලාපොරොත්තු ඉහළ නංවන කරුණක් වනු ඇත.
අද දින S&P SL20 දර්ශකය ඒකක 194.79ක ඉහළ යාමක් වාර්තා කළ අතර ගනුදෙනු අවසානයේ දී එය ඒකක 6,000 සීමාව ඉක්මවා යාමට සමත් වෙමින් ඒකක 6,029.88ක් ලෙසින් වාර්තා විය.
අද දින වාර්තාගත රු. බිලියන 5.43ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වීම ද විශේෂත්වයකි.

නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!
මෙරට පෙනහලු පිළිකා ඉහළට! වැළඳීමට හේතූ වන කරුණු ගැන අනාවරණයක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්
ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට සහ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට