පාතාල නායක ගණේමුල්ලේ සංජීවගේ ඝාතනය කෙහෙල්බද්දර පද්මේ සමග එක්ව සම්පූර්ණයෙන්ම මෙහෙයවා ඇත්තේ මනෝජ් සුරංග ලියනගේ හෙවත් ‘බටුවත්තේ චාමර’ විසින් බව කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (4) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අනාවරණ කළේය.
සැකකරු කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම තොරතුරු හෙළි කළේය.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘බටුවත්තේ චාමර’ අසර්බයිජානයේ දී අත්අඩංගුවට පත්ව ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන ආවේය.
එතැන් සිට රැඳවුම් නියෝග මත පසුවූ ඔහු අධිකරණයට ඉදිරිපත් කළ පළමු අවස්ථාව මෙය විය.
ඒ අනුව රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ, මුල් අවස්ථාවේදී ගණේමුල්ල සංජීව ඝාතනය සඳහා වෙඩික්කරු භික්ෂුවකගේ වේශයෙන් අධිකරණය වෙත එවීම සඳහා කෙහෙල්බද්දර පද්මේ විසින් සැලසුම් කර තිබූ බවය.
එහෙත් එම සැලසුම සම්පූර්ණයෙන්ම වෙනස් කර නීතිඥයෙකු ලෙසින් ඒවා ඇත්තේ මෙම සැකකරුගේ උපදෙස් මත විසින් බව විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම්දී තිබේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ සැකකරු එළැඹෙන නොවැම්බර් 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ICC නැගී එන කාන්තා ක්රිකට් තරගාවලියට යන ශ්රී ලංකා සංචිතය නම් කරයි
ශ්රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!
2025 ඔක්තෝබරයේ සිට මේ දක්වා ළමුන් 11,131ක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
වැටුප් වැඩි කළ නිසා 2026 මුල් මාස 06 දී රාජ්ය සේවක වැටුප් වියදම 12%කින්, විශ්රාම වැටුප් වියදම 15%කින් ඉහළට
ඉන්ධන සඳහා සහනාදාරයක් ලබාදීමට බිලියන 41ක පරිපූරක ඇස්තුමේන්තුවක්
දිස්ත්රික්ක 22කට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්
ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
RMV දින හතරක මෙහෙයුමෙන් ලක්ෂ 90ක දත්ත වලාන භාරයට