ශ්‍රී ලංකාවේ වත්මන් නීතිමය රාමුව යටතේ නේවාසිකයන් අතර ගෙවීම් සිදු කිරීම සඳහා ඩිජිටල් වත්කම් හෝ අතථ්‍ය වත්කම් (virtual assets) භාවිත කිරීමට අවසර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අවධාරණය කරයි.
ඊයේ (03) පැවති Sri Lanka FinTech Festival අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් කියා සිටියේ, දේශීය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකා රුපියල වෙනුවට වෙනත් ඩිජිටල් වත්කම් ආදේශ වීම වැළැක්වීම සහ මෙරට මූල්‍ය ස්වෛරීත්වය (monetary sovereignty) ආරක්ෂා කිරීම සඳහා මෙම නීතිමය සීමාව අත්‍යවශ්‍ය වන බවයි.
තාක්ෂණික දියුණුවත් සමඟ නියාමන පැහැදිලිභාවය ද වර්ධනය විය යුතු බව පෙන්වා දුන් අධිපතිවරයා, පාරිභෝගිකයින් ආරක්ෂා කරමින් සහ පිළිගත නොහැකි අවදානම්වලින් මිදෙමින් නවෝත්පාදකයින්ට අවශ්‍ය මාර්ගෝපදේශ සැලසීමට මහ බැංකුව කටයුතු කරන බව පැවසීය.
ෆින්ටෙක් තාක්ෂණය මගින් සයිබර් ප්‍රහාර, මෙහෙයුම් බාධා, වංචා, දත්ත උල්ලංඝනයන් සහ තෙවන පාර්ශවීය සේවා සම්පාදකයින් මත අධික ලෙස යැපීම වැනි නව අවදානම් නිර්මාණය විය හැකි බව ද ඔහු අවධාරණය කළේය.

ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!
2025 ඔක්තෝබරයේ සිට මේ දක්වා ළමුන් 11,131ක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
වැටුප් වැඩි කළ නිසා 2026 මුල් මාස 06 දී රාජ්‍ය සේවක වැටුප් වියදම 12%කින්, විශ්‍රාම වැටුප් වියදම 15%කින් ඉහළට
ඉන්ධන සඳහා සහනාදාරයක් ලබාදීමට බිලියන 41ක පරිපූරක ඇස්තුමේන්තුවක්
දිස්ත්‍රික්ක 22කට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්
ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්
පවුල් ආරවුල මරණයෙන් කෙළවර වෙයි
RMV දින හතරක මෙහෙයුමෙන් ලක්ෂ 90ක දත්ත වලාන භාරයට
අද කාලගුණ නිවේදනය