කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමේ සිද්ධියට වරදකරු වූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම කළ දඩ මුදලේ ඉතිරි කොටස ගෙවීම සම්බන්ධයෙන් කරුණු සලකා බැලීම සඳහා ලබන වසරේ පෙබරවාරි 01 වැනිදා යළි නඩුව කැඳවන ලෙස නියෝග කර තිබෙනවා.
කොළඹ මහාධිකරණය නියම කළ රුපියල් මිලියන 25 ක දඩ මුදලින් ඉතිරිව ඇති රුපියල් ලක්ෂ 90 ක මුදල අද (05) ගෙවීමට නියමිතව තිබුණු අතර, අද නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රසන්න රණතුංග සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඉතිරි මුදල ගෙවීම සඳහා තවත් කාලයක් ලබාදෙන ලෙසයි.
ඉඩමක් ගොඩ කිරීමට අවසර ලබාදීම සඳහා 2015 අප්‍රේල් 10 වැනිදා මොරටුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන එස්. ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස්ගෙන් රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා, ඉන් රුපියල් මිලියන 15 ක් ලබාගෙන, බිය ගන්වා මුදල් අය කිරීම සම්බන්ධයෙන් ප්‍රසන්න රණතුංගට එරෙහිව මෙම නඩුව පවරා තිබුණා.
නඩු විභාගයෙන් අනතුරුව 2022 ජූනි 06 වැනිදා තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණය ප්‍රසන්න රණතුංග වරදකරු බවට තීන්දු කළ අතර, ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් නියම කර, එය වසර පහකට අත්හිටුවීමටත්, ඊට අමතරව රුපියල් මිලියන 25 ක දඩයක් සහ අගතියට පත් ව්‍යාපාරිකයාට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් නියම කර තිබෙනවා.

දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!
මෙරට පෙනහලු පිළිකා ඉහළට! වැළඳීමට හේතූ වන කරුණු ගැන අනාවරණයක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්
ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට සහ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට