ශ්‍රී ලංකාවේ දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ වැටලීමකදී, මත්ද්‍රව්‍ය කිලෝ 189කට අධික ප්‍රමාණයක් රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
අදාළ ධීවර යාත්‍රාවේ උරවල සූක්ෂ්ම ලෙස සඟවා තිබී අයිස් (ICE) මත්ද්‍රව්‍ය කි.ග්‍රෑ. 132යි ග්‍රෑම් 026ක් සහ හෙරොයින් කි.ග්‍රෑ. 57යි ග්‍රෑම් 220ක් සොයාගෙන ඇති අතර, මෙහි දළ වීථි වටිනාකම රුපියල් බිලියන 4.2ක් පමණ වන බව නාවික හමුදාව සඳහන් කරයි.
අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එන ලද මෙම යාත්‍රාවේ සිටි ධීවරයන් පස්දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් දෙවුන්දර ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. පොලිසිය සැක පළ කරන්නේ මෙම මත්ද්‍රව්‍ය තොගය ‘දෙහිබාලේ මල්ලි’ නැමැත්තා විසින් මෙරටට එවා ඇති බවයි.
මෙම මත්ද්‍රව්‍ය තොගය පරීක්ෂා කිරීම සඳහා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර, නාවික හමුදාපතිවරයා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් දික්ඕවිට ධීවර වරාය වෙත පැමිණ සිටියහ.

මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!
මෙරට පෙනහලු පිළිකා ඉහළට! වැළඳීමට හේතූ වන කරුණු ගැන අනාවරණයක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්
ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට සහ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට
නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ කිලෝ 150කට අධික මත්ද්‍රව්‍ය
ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා! චීවරධාරියෙකු ලෙස සැරසුණු ඝාතකයා චාමරගේ උපදෙස් මත නීතීඥයෙක් වෙලා!
ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!