නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමකින් දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.
අද (05) උදෑසන අදාළ ධීවර යාත්‍රාව නාවික හමුදාව විසින් දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන එනු ලැබූ අතර, එහිදී උර 10ක තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කෙරුණි.
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, අරුණ ජයසේකර මහතා ද අද උදෑසන දික්ඕවිට ධීවරාය වෙත ගොස් තිබූ අතර මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ අදාළ මත්ද්‍රව්‍ය තොගයේ කිලෝ 100කට අධික අයිස් ප්‍රමාණයක් සහ කිලෝ 50කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් තිබුණු බවය.
එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් නාවික හමුදාව විසින් මෙම මත්ද්‍රව්‍ය තොගය මේවනවිට ගණනය කිරීම් සිදුකරමින් පවතී.
විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබු දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වු ගැඹුරු මුහුදු ප්‍රදේශයේ දී ඊයේ (04) දිනයේ නාවික හමුදාව සිය භාරයට ගනු ලැබීය.
එහිදී ධීවරයින් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ද අද උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන විත් තිබුණි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මත්ද්‍රව්‍ය මෙරටින් තුරන්කිරීමට රජයක් ලෙස සිදුකළ හැකි සියලු දේ ඉටුකරන බවය.
මෙහිදී නාවික හමුදාවට විශේෂ ස්තූතියක් පිරිනැමූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මේ වනවිට හඳුනාගෙන ඇති අතර, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට පොලීසියට, ත්‍රිවිධ හමුදාවට වගකීම පවරා ඇති බවය.

පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට
ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා! චීවරධාරියෙකු ලෙස සැරසුණු ඝාතකයා චාමරගේ උපදෙස් මත නීතීඥයෙක් වෙලා!
ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!
2025 ඔක්තෝබරයේ සිට මේ දක්වා ළමුන් 11,131ක් අත්අඩංගුවට
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට
වැටුප් වැඩි කළ නිසා 2026 මුල් මාස 06 දී රාජ්‍ය සේවක වැටුප් වියදම 12%කින්, විශ්‍රාම වැටුප් වියදම 15%කින් ඉහළට
ඉන්ධන සඳහා සහනාදාරයක් ලබාදීමට බිලියන 41ක පරිපූරක ඇස්තුමේන්තුවක්
දිස්ත්‍රික්ක 22කට කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට සුබ ආරංචියක්
ස්ටිකී රයිස් සහ ජස්මින් රයිස් සඳහා රු.65ට තිබූ බද්ද වෙනුවට රු.280ක වැඩි බද්දක්