වාරියපොළ, හල්මිල්ලෑව ප්‍රදේශයේ නිවසක කුලියට රැඳී සිටි පුද්ගලයෙකු විසින් අද (7) අලුයම සිදුකළ තියුණු ආයුධ පහරදීමකින් එම නිවසේ හිමිකරු ජීවිතක්ෂයට පත්ව තිබේ.
සැකකරු විසින් නිවෙස් හිමිකරුට අමතරව ඔහුගේ බිරිඳට සහ දියණියට ද පහරදී බරපතළ තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.
මෙම සාහසික පහරදීමෙන් 56 හැවිරිදි නිවෙස් හිමිකරු සිද්ධිය වූ ස්ථානයේදීම මියගොස් ඇත.
තුවාල ලැබූ ඔහුගේ බිරිඳ සහ දියණිය නිකවැරටිය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
නිවසියන් සහ කුලී නිවැසියා අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම තියුණු ආයුධ පහරදීම සිදුකර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියෙන් පසුව සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර, ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා වාරියපොළ පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවනු ලබයි.

‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්
කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කැළඹුණු කාලගුණය නවතම නිවේදනය
කයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝග
අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි