Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්

12 minutes ago

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.

අදාළ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ඒ සම්බන්ධයෙන් ලබන 20 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබේ.

නවීන මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය නිසි ලෙස තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් වරුණි බෝගහවත්ත මහත්මිය CID මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

මාතර සමූපකාර සමිතියෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයෙකු විසින් අදාළ මෝටර් රථයේ කල්බදු වාරික ගෙවා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *