Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු

45 minutes ago

හෙට (08) දිනට යෙදෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර තිබේ.

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා විසින් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව, අදාළ පළාත්වල ආණ්ඩුකාරවරුන් විසින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත උපදෙස් ලබාදී මෙම පියවර ගෙන ඇත.

සඳුදා (09) දින ලබාදෙන මෙම විශේෂ නිවාඩුව වෙනුවෙන් අධ්‍යයන කටයුතු ආවරණය කිරීම සඳහා නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දින අදාළ දෙමළ මාධ්‍ය පාසල් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *