Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!

11 seconds ago

ඊයේ (06) පස්වරුවේ ඇදහැළුණු අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ නගරයේ හටගත් ගංවතුර තත්ත්වයට සහ මාර්ග ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලි බල්තසාර් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (07) පෙරවරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.

කොළඹ නගරයේ දැනට පවතින කාණු පද්ධතිය සකස් කර ඇත්තේ මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි වුව ද, ඊයේ දිනයේදී ඊට පස් ගුණයකට ආසන්න (මි.මී. 150කට ආසන්න) අසාමාන්‍ය වර්ෂාපතනයක් ලැබීම මෙලෙස නගරය ජලයෙන් යටවීමට ප්‍රධාන හේතුව වූ බව නගරාධිපතිනිය පෙන්වා දෙයි.

කොළඹ මහා නගර සභාවේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ආණ්ඩුකාර කාර්යාලය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව (SLLDC) සහ නාගරික සංවර්ධන අධිකාරිය (UDA) යන රාජ්‍ය ආයතනවල නියෝජිතයින් එක්වෙති.

කොළඹ නගරයේ ජලාපවහන පද්ධති ඉහළ නැංවීම, ඇළ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සහ මාර්ග යටිතල පහසුකම් කඩිනමින් යාවත්කාලීන කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *