ශ්‍රී ලංකාවේ නිමි ඇඳුම් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ සන්නමයක් වන ශ්‍රියානි dress point වැල්ලවත්ත ශාඛාව නොවැම්බර් 11 වන හෙට දින විවෘත වන අතර එම අවස්ථාවට සහභාගී වීම සඳහා ජනප්‍රිය ඉන්දීය නිළි පූජා හෙග්ඩේ මීට සුළු මොහොතකට පෙර ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ඇය පිළි ගැනීමට ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් ආයතනයේ ඉහළ කළමනාකාරීතවය මෙන්ම විශාල ජනකායක් ගුවන්තොටුපොළට රැස්ව සිටිනු දැක ගත හැකි විය.
“Butta Bomma” සහ “Monica Monica” වැනි අතිශය ජනප්‍රිය ගීත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් පූජා හෙග්ඩේ, හෙට දින පැවැත්වෙන මෙම සමාරම්භක උත්සවයට විශේෂ අමුත්තියක ලෙස එක්වීමට නියමිතය. මෙම උත්සවයේදී ලියාපදිංචි වූ රසික රසිකාවියන්ට ඇය හමුවීමටත්, ඇය සමඟ ඡායාරූප ගැනීමටත් විශේෂ අවස්ථාවක් හිමිවනු ඇත.
පවුලේ සැමට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, ගෘහ අලංකරණ භාණ්ඩ සහ එදිනෙදා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසකින් සමන්විත ‘ශ්‍රියාණි ඩ්‍රෙස් පොයින්ට්’ හි කොළඹ ප්‍රථම දැවැන්ත ප්‍රදර්ශනාගාරය විවෘත වන මෙම උත්සවය සඳහා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩකයින් සහ තවත් ක්ෂේත්‍ර රැසක සුවිශේෂී තරු රැසක් ද සහභාගී වීමට නියමිතය.

කොළඹ – නුවර මාර්ගයේ ගනේතැන්න කඩුගන්නාව අතර කොටස හෙට උදෑසන 6 දක්වා වසා තැබෙයි
සිංහරාජයෙන් අල්ලාගත් දුර්ලභ සතුන් 250ක් සමඟ චීන්නු 4ක් අත්අඩංගුවට
ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්
බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
බිත්තර මිල අහස උසට නගින ලකුණු
බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්! දෙනෙකු මරුට! 50කට තුවාල! (ඡායාරූප)
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනයක්
රටම සොයන කහ සමනලුන් ආ හේතුව මෙන්න
රට වටේම වෛද්‍යවරු අද කොළඹට
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි
අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ