Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්

20 minutes ago

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඔස්මන්ඩ් ගුණසේකර හෙවත් “ගම්පහ ඔස්මන්” සම්බන්ධයෙන් තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  යටතේ කටයුතු කරන්නේද යන්න පිළිබඳව විමර්ශන අවසානයේදී තීරණයක් ගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

ගම්පහ ඔස්මන් නමැත්තා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ රිට් පෙත්සමක් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිස්නා වර්ණකුල මහත්මිය මෙම දැනුම්දීම සිදු කළාය.

මහේන් ගොපල්ලව සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම විමර්ශනයට කැඳවනු ලැබීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *