සිංහරාජ වනාන්තරය තුළ නීතිවිරෝධී ලෙස කෘමි සත්ත්ව විශේෂ සහ උරගයින් එකතු කරමින් සිටි කාන්තාවක් ඇතුළු චීන ජාතිකයින් සිව්දෙනෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව ජාතික උද්‍යානයේ පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයට ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී සත්ව විශේෂ 40කට ආසන්න ප්‍රමාණයකට අයත් සතුන් 250කට අධික සංඛ්‍යාවක් සොයා ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකි වී ඇත.
මෙම සැකකරුවන් මීට පෙරද අවස්ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ අදාළ සත්ත්ව තොගය කලවාන මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ලබන නොවැම්බර් 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්
බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
බිත්තර මිල අහස උසට නගින ලකුණු
බස් රථ 3ක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්! දෙනෙකු මරුට! 50කට තුවාල! (ඡායාරූප)
කැළඹුණු කාලගුණය ගැන නවතම නිවේදනයක්
රටම සොයන කහ සමනලුන් ආ හේතුව මෙන්න
රට වටේම වෛද්‍යවරු අද කොළඹට
කස්සප හිමි සමඟ සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙරොයින් හා ගංජා භාවිත කර සිටි බවට හෙළිවෙයි
අත්අඩංගුවට ගත් ඩ්‍රෝන යානා සම්බන්ධව මන්ත්‍රී නලින් බණ්ඩාරගෙන් පැහැදිලි කිරීමක්
අමාත්‍යාංශ දෙකකට නව ලේකම්වරු පත් කෙරේ
අනුරපුර සත්‍යග්‍රහයේ උණුසුම් තත්ත්වයක්
සෙලාන් බැංකුව දැවැන්ත ලාභයක් වාර්තා කරයි