පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලාහෝර් නුවරින් රාවල්පිණ්ඩි වෙත මාරු කිරීමට පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.
ලාහෝර් නුවර ඉහළ යමින් පවතින ඝණ දුමාර තත්ත්වය සහ වායු දූෂණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව එම මණ්ඩලය නිවේදනය කර ඇත.
ඒ අනුව නොවැම්බර් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගය රාවල්පිණ්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ පළමු ටෙස්ට් තරගය ද මේ වන විට පැවැත්වෙන්නේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී වන අතර, එහි පළමු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 434ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි දිනයේ තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 114ක් ලබා සිටියේය.
අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් අඛණ්ඩව දෙවැනි දිනයටත් නියමිත වේලාවට පෙර තරගය අවසන් කිරීමට සිදුවිය.

කඩුගන්නාවෙන් වසා දැමුණු මහනුවර – කොළඹ ප්රධාන මාර්ගයේ කොටස යළි විවෘත කෙරේ! වාහන ගමනාගමනයට සීමා!
හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
අයවැයෙන් හිමිවන සහන ගැන ඇමති නලින්දගෙන් ඉඟියක්
ක්ෂණික ගංවතුර ඇතිවීමේ අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්
පළාත් 5කට ලොකු වැස්සක්
වැල්ලවත්ත Sriyani Dress Point නවතම ප්රදර්ශනාගාරය විවෘත කරන්නට පූජා හෙග්ඩේ ලංකාවට
චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග
සිංහරාජයෙන් අල්ලාගත් දුර්ලභ සතුන් 250ක් සමඟ චීන්නු 4ක් අත්අඩංගුවට
ගම්පහ ඔස්මන් සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් අධිකරණයට දැනුම්දීමක්
බස් රථ අනතුරෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
බිත්තර මිල අහස උසට නගින ලකුණු