Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චාමර සහ පුද්ගලික ලේකම් 20 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග

6 hours ago

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ ඔහුගේ පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චි ලබන 20 වැනිදා බන්ධනාගාරය මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

නඩුව කැඳවූ අවස්ථාවේදී චාමර සම්පත් දසනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සඳහන් කළේ, මේ මස 12 වැනිදා සිට දෙසැම්බර් 14 වැනිදා දක්වා පාර්ලිමේන්තුවේ අයවැය විවාදය පැවැත්වීමට නියමිත බවයි.

එසේම, බන්ධනාගාරය තුළ පවතින රෝගී තත්ත්වයන් හේතුවෙන් සැකකරු අද පැවැති මහාධිකරණ නඩු විභාගයට ඉදිරිපත් කර නොතිබූ බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නේය.

එහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ සැකකරුවන් පාර්ලිමේන්තු රැස්වීම් සඳහා ඉදිරිපත් කිරීමට අධිකරණ නියෝග අවශ්‍ය නොවන බවයි.

මේ අතර, චාමර සම්පත් දසනායක මහතාගේ ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන ඔහුගේ නීතිඥවරුන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එම ඇප ඉල්ලීමට විරෝධතා ඇත්නම් ඒවා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.

කෙසේ වෙතත්, මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පුද්ගලික ලේකම් සුමතිපාල ලියනාරච්චිගේ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *