Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කුඩු අංජුට ප්‍රංශයේ වයින් සමාගමක්! ඩුබායිවලත් සමාගම් රැසක්!

3 years ago

රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශයේ වයින් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි හි වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.

මේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයෙකු ලෙස ජීවත් වීම හේතුවෙන් වෙනත් අයෙකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවයි.

ඊට අමතරව ඩුබායි හි මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව වාර්තා වනවා.

මෙම ගොඩනැගිලි සංකීර්ණ ඔහු කුලියට ලබාදී ඇති බව සඳහන්.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ්නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බව වාර්තා වෙනවා.

මේ වන විට කුඩු අංජු නම් පුද්ගලයා ප්‍රංශ අධිකරණයක් මඟින් මෙම මස 04 වනදා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *