රත්මලාන කුඩු අංජු නැමැත්තාට ප්‍රංශයේ වයින් නිෂ්පාදන කිරීමේ කර්මාන්ත ශාලාවක් සහ ඩුබායි හි වතුර බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක් ඇතුළු ව්‍යාපාර ගණනාවක් ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් වාර්තා වනවා.
මේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ කුඩු අංජු නැමැත්තා ප්‍රංශයේ සරණාගතයෙකු ලෙස ජීවත් වීම හේතුවෙන් වෙනත් අයෙකුගේ නමින් මෙම කර්මාන්ත ශාලාව පවත්වාගෙන ගොස් ඇති බවයි.
ඊට අමතරව ඩුබායි හි මොහුට වතුර බෝතල් කර විකිණීමේ කර්මාන්ත ශාලාවක් ද, ශරීර සුවතා මධ්‍යස්ථානයක් ,සුපිරි ආපන ශාලාවක් සහ ගොඩනැගිලි සංකීර්ණයක්ද තිබෙන බව වාර්තා වනවා.
මෙම ගොඩනැගිලි සංකීර්ණ ඔහු කුලියට ලබාදී ඇති බව සඳහන්.
මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සහ පාතාල අපරාධ ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැලකෙන ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින බටුවිට චාමර සහ ගල්කිස්සේ ජූඩ්නැමැත්තෙකු මෙම ව්‍යාපාර කටයුතුවලට හවුල් කරගෙන සිටින බව වාර්තා වෙනවා.
මේ වන විට කුඩු අංජු නම් පුද්ගලයා ප්‍රංශ අධිකරණයක් මඟින් මෙම මස 04 වනදා රිමාන්ඩ් භාරයට පත් කර තිබෙනවා.


මනූෂ නානායක්කාරට එරෙහිව සිදුකළ විමර්ශන කටයුතු අවසන්
ශ්‍රී ලංකා කණ්ඩායමට ඉන්දීය නායකයාගෙන් පැසසුම්
නේපාලයේ ඛේදවාචකයෙන් උමගක සිරවූ 100කට වැඩි පිරිසක් බේරාගැනීමේ මෙහෙයුම්
22 වැනි සංශෝධනයට පක්ෂව තවත් පෙත්සම් දෙකක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්
මධ්‍යම කඳුකර ආරක්ෂණ අධිකාරි පනත ළඟදීම පාර්ලිමේන්තුවට
නිවාඩු දින දෙකට අධිවේගී මාර්ගවලින් වාර්තාගත ආදායමක්!
ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි! පිළිකා රෝගීන් 75,000ක් දැඩි ජීවිත අවදානමක!
ශ්‍රී ලංකාවෙන් නේපාලයට මූල්‍යමය ආධාරයක්!
අද සිට ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි