ස්මාර්ට් ජංගම දුරකථනය හරහා මෙන්ම පරිගණක උපාංග හරහා සමාජ මාධ්‍යයේ සැරිසැරීමට ඇබ්බැහිවූවන් වෙනුවෙන් නවතම යෙදවුමක් ඉදිරිපත් කිරීමට මෙටා සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව ඔවුන් පවසන්නේ මෙම යෙදවුම ලොවපුරා ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් පරිශීලකයින්ට යොදාගත හැකි බවය.
එහිදී සිදුවන්නේ පරිශීලකයින්ට ඒ මොහොත වනවිට ඔවුන් කොපමණ කාලයක් තිස්සේ සමාජ මාධ්‍ය තුළ රැඳී සිටියාද යන්න දැනුම්දීමයි.
මෙටා සමාගම පවසන්නේ සමාජ මාධ්‍ය පරිශීලනය කරන යෞවන යෞවනියන්ගේ කාලය කළමනාකරණය කිරීම සඳහා පූර්වාදර්ශයක් සැපයීම මෙම නව යෙදවුමේ මූලික අරමුණ වී ඇති බවය.
එසේම මෙමගින් මව්පියන්ට සිය දරුවන් සමාජ මාධ්‍ය තුළ සැරිසරන කාලය සීමා කිරීමටද පිටිවහලක් ලැබෙනු ඇති බව එම සමාගම පවසයි.
එහිදී සමාජ මාධ්‍ය පරිශීලනය කරමින් සිටියදී තිරය මතට දැනුම්දීමක් ලැබීම සිදුවෙයි.
එහිදී මිනිත්තු 20කට වරක් මෙම දැනුම්දීමේ පණිවුඩය නව යෙදවුම හරහා පරිශීලකයින් වෙත ලැබෙයි.
එමගින් අවශ්‍ය නම් සමාජ මාධ්‍ය වෙතින් ඉවත්වීමේ අවස්ථාව පරිශීලකයින්ට ලැබෙයි.
මේ වනවිටත් එංගලන්තය, අමෙරිකාව, අයර්ලන්තය, කැනඩාව. ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය වැනි රටවල මෙම ක්‍රමවේදය භාවිතයට ගනු ලබන අතර ඉදිරියේදී එය ලොවපුරා ව්‍යාප්ත කිරීම අරමුණයි.


අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ
ගවේෂණ ළිං 4න් 2ක් සාර්ථකයි! මන්නාරමෙන් හමුවූ ගෑස් ගැන අලුත්ම අනාවරණයක් !