නව කම්කරු නීතියට අනුව වෘත්තීය සමිතියක් පිහිටුවීමට අවම සාමාජික සංඛ්‍යාව 100 දක්වා ඉහළ දමා ඇති බවත් විධායක සභාවට සියයට 25%ක කාන්තා නියෝජනයක් අනිවාර්ය කර ඇති බවද අමාත්‍ය මනුෂ නානායක්කාර සදහන් කරයි.
පවතින කම්කරු නීතිය හඳුන්වාදෙන අවස්ථාවේදී රටේ ජනගහනය මිලියන 5.8ක් වූ බවත් කාලානුරූපීව සලකා බලා වර්තමානයට ගැලපෙන පරිදි අවම සාමාජික සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව ඇතුළත් කළ බවයි ඔහු සඳහන් කළේ.
ලැබෙන වැටුපෙන් සාමාජික මුදල් අඩුකර වෘත්තීය සමිති වෙත යොමුකිරීම සේවායෝජකයාට අනිවාර්ය කරන බවත් සේවකයෙකු ඉල්ලීමක් කළහොත් වෘත්තීය සමිති සාමාජික ගාස්තු වැටුපෙන් අය කර ගැනීම අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා සදහන් කරයි.
එමෙන්ම සියලුම වැඩ වර්ජනයන් ආරම්භ කිරීමට පෙර සේවායෝජකයා දැනුවත් කිරීමත් ඒ සදහා සාමාජිකයන් බහුතරයකගේ කැමැත්ත ලබා ගැනීමත් අනිවාර්ය කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කරයි.


22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
2026 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද?
එංගලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ
ප්‍රවීණ සංගීතඥ විමලජිත් දොඹගහවත්ත අභාවප්‍රාප්ත වෙයි
ඇමති විජිත හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට
ශම්මි සිල්වාට නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයෙන් කැඳවීමක්
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 159ට එරෙහිව දිනන දකුණින් අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
හම්බන්තොට හිටපු නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මියයයි! සියදිවි හානිකර ගැනීමක්දැයි සැකයක්!
රුපියල ගැන මහ බැංකුව කියන කතාව
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනී චූලාගේ මරණයට විවෘත තීන්දුවක්
මැදපෙරදිග අර්බුද මැද බොරතෙල් මිලත් ඉහළට