මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්ව ඊයේ රාත්‍රී පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව පිහි ඇනුමකට ලක්වූ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත පදිංචිව සිටි ස්කැවේටර් රියැදුරකු ලෙස සේවය කළ 39 හැවිරිදි එක් දරු පියෙක්.
වසර හතරකට අධික කාලයක් වෙන්දේසි ඉඩමේ ස්කැවේටර් රියදුරකු ලෙස කටයුතු කර තිබූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩ අවසන් බැවින් ඔහු වෙනුවෙන් අනෙක් සේවකයන් පිරිස මත්පැන් සාදයක් සංවිධානය කර තිබී ඇති අතර මේ සඳහා සහභාගිවීමට ඔහු නිවසේ සිට ඊයේ වෙන්දේසි ඉඩම කරා පැමිණ තිබූ බව පොලිසිය පවසයි.
රාත්‍රී දහය පමණ වන විට මත්පැන් සාදය නිමවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැලිසිරිපුර ගම් ප්‍රදේශයේ බලා යාම සඳහා යතුරු පැදිය වෙත නැග සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල ප්‍රදේශය මිරිකා බාධා කිරීමේදී ඊට උරණ වී ගමන් බෑගයේ තිබුණු උල් පිහිය රැගෙන ඇන තිබූ බව මේ වන විට අනාවරණය වී ඇත.
වෙන්දේසි ඉඩමේ කාර්යාලය ට යාබදව මළ සිරුර උඩුබැලි අතට වැටී තිබූ අතර හිසට කොට්ටයක් ද තබා තිබූ බව පොලිසිය කියයි
කොට්ටය තැබූ පුද්ගලයා කව්දැයි කීමට කවුරුත් ඉදිරිපත් නොවන බව පොලීසිය පැවසීය.ඝාතනයට යොදාගත් උල් පිහිය සැකකරුගේ ගමන් බෑගය තුළ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.මෙම ඝාතනය මෙම ස්ථානයේ නොව වෙනත් ස්ථානයක සිදුවන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය කියයි
ඝාතනය සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩමේ සේවකයන් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

ජාතික පාසල්වල ගුරු මාරු 11000ක් නවතී
සිසුන් 56,000ක් ශිෂ්‍යත්ව කඩඉම පැනලා
නාමල් රාජපක්ෂට අල්ලස් කොමිසමෙන් කැඳවීමක්
ජපානයෙන් ශ්‍රී ලංකාවට ලැබුණු තෑග්ග
අගෝස්තු වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක්
“පිරිත් කියන් නැතිව නීතිය කතා කරන්න” – බළංගොඩ කස්සප හිමිට අගවිනිසුරු පවසයි
කෝටි 20ක කොටු වුණු සේදවත්ත කසුන්ගේ ගෝලයා
ශ්‍රී ලංකා සත්කාරකත්වයෙන් ගිලිහුණු 2027 ICC ශුරියන්ගේ කුසලානයේ සත්කාරකත්වය ඉන්දියාවට
22වැනි සංශෝධනයේ පෙත්සම් විභාගයට පූර්ණ විනිසුරු මඩුල්ලක් පත් නොකිරීම ගැන CLA සභාපතිගේ කනස්සල්ල
ශිෂ්‍යත්ව විභාගයේ වැඩිම ලකුණු කුරුණෑගලින්
22ට එරෙහි පෙත්සම් විභාගය අවසන්! තීන්දුව කථානායකට!