Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මරණයෙන් කෙළවර වූ මත්පැන් සාදය

3 years ago

මොරගහහේන තලගල වෙන්දේසි ඉඩමක සේවක පිරිසක් එක්ව ඊයේ රාත්‍රී පැවැත්වූ මත්පැන් සාදයකින් අනතුරුව පිහි ඇනුමකට ලක්වූ පුද්ගලයෙකු එම ස්ථානයේදීම මිය ගොස් තිබෙනවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ මාබෝදල ඉද්දවත්ත පදිංචිව සිටි ස්කැවේටර් රියැදුරකු ලෙස සේවය කළ 39 හැවිරිදි එක් දරු පියෙක්.

වසර හතරකට අධික කාලයක් වෙන්දේසි ඉඩමේ ස්කැවේටර් රියදුරකු ලෙස කටයුතු කර තිබූ ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ වැඩ අවසන් බැවින් ඔහු වෙනුවෙන් අනෙක් සේවකයන් පිරිස මත්පැන් සාදයක් සංවිධානය කර තිබී ඇති අතර මේ සඳහා සහභාගිවීමට ඔහු නිවසේ සිට ඊයේ වෙන්දේසි ඉඩම කරා පැමිණ තිබූ බව පොලිසිය පවසයි.

රාත්‍රී දහය පමණ වන විට මත්පැන් සාදය නිමවී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මැලිසිරිපුර ගම් ප්‍රදේශයේ බලා යාම සඳහා යතුරු පැදිය වෙත නැග සිටියදී ඝාතනයට ලක්වූ පුද්ගලයා ඔහුගේ ගෙල ප්‍රදේශය මිරිකා බාධා කිරීමේදී ඊට උරණ වී ගමන් බෑගයේ තිබුණු උල් පිහිය රැගෙන ඇන තිබූ බව මේ වන විට අනාවරණය වී ඇත.

වෙන්දේසි ඉඩමේ කාර්යාලය ට යාබදව මළ සිරුර උඩුබැලි අතට වැටී තිබූ අතර හිසට කොට්ටයක් ද තබා තිබූ බව පොලිසිය කියයි

කොට්ටය තැබූ පුද්ගලයා කව්දැයි කීමට කවුරුත් ඉදිරිපත් නොවන බව පොලීසිය පැවසීය.ඝාතනයට යොදාගත් උල් පිහිය සැකකරුගේ ගමන් බෑගය තුළ තිබී පොලිසිය මඟින් සොයාගෙන ඇත.මෙම ඝාතනය මෙම ස්ථානයේ නොව වෙනත් ස්ථානයක සිදුවන්නට ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලිසිය කියයි

ඝාතනය සම්බන්ධයෙන් වෙන්දේසි ඉඩමේ සේවකයන් හත් දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *