Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැසක මිලෙහි සිදුවීමට නියමිත වෙනස

3 years ago

ඉදිරියේදී ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනයනකරුවෝ පවසති.

ඒ ගෝලීය දේශගුණ බලපෑම නිසා ඇතිවන ආහාර හිඟය හේතුවෙනි.

ගෙවුණු සති කිහිපයේදී ආසියා මහද්වීපයේ රටවලට ඇතිවූ දරුණු ගංවතුර හා නියඟය මෙම තත්ත්වයට බලපා තිබේ.

විශේෂයෙන් ඉන්දියාව, චීනය, පාකිස්තානය, බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇතිවිය. එම නිසා වගාබිමි විශාල ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමිවන බවට ලෝක ආහාර සංවිධානයේද අවධානය යොමුව ඇත. මේ හේතුවෙන් දැනටමත් ඉන්දියාව සිය සහල් අපනයනය නතර කර ඇති අතර බී ලූණු මිලද ඉහළ ගොස් තිබේ.

මෙම තත්ත්වය යටතේ ඉදිරි මාස දෙක තුනේදී අල, කඩල, ලූණු, මිරිස් හා කුළුබඩු ආදියේ මිල ඉහළයාමේ අවදානමක් මතුව ඇති බව ආනයනකරුවන් පවසති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *