ඉදිරියේදී ආනයනික ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යා හැකි බව භාණ්ඩ ආනයනකරුවෝ පවසති.
ඒ ගෝලීය දේශගුණ බලපෑම නිසා ඇතිවන ආහාර හිඟය හේතුවෙනි.
ගෙවුණු සති කිහිපයේදී ආසියා මහද්වීපයේ රටවලට ඇතිවූ දරුණු ගංවතුර හා නියඟය මෙම තත්ත්වයට බලපා තිබේ.
විශේෂයෙන් ඉන්දියාව, චීනය, පාකිස්තානය, බංග්ලාදේශය ආදී රටවලට දරුණු ගංවතුර තත්ත්වයන් ඇතිවිය. එම නිසා වගාබිමි විශාල ප්‍රමාණයක අපේක්ෂිත අස්වැන්න අහිමිවන බවට ලෝක ආහාර සංවිධානයේද අවධානය යොමුව ඇත. මේ හේතුවෙන් දැනටමත් ඉන්දියාව සිය සහල් අපනයනය නතර කර ඇති අතර බී ලූණු මිලද ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය යටතේ ඉදිරි මාස දෙක තුනේදී අල, කඩල, ලූණු, මිරිස් හා කුළුබඩු ආදියේ මිල ඉහළයාමේ අවදානමක් මතුව ඇති බව ආනයනකරුවන් පවසති.


ඉන්ධන මිල පහතට
අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම මේ වසරේදීම ඇරඹීමට ජනපතිගෙන් උපදෙස්
2027 ICC ශූරයින්ගේ කුසලාන කාන්තා තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවෙයි ද?
ශබ්ද විකාශන සහ ඇම්ප්ලිෆයර් භාවිතය ගැන පොලීසියෙන් දැනුම්දීමක්
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය ගත් තීරණය
නේපාලයේ ගංවතුරින් මියගිය ගණන 700 ඉක්මවා යයි
බිරිඳට දිවි අහිමි කළ පවුල් ආරවුල
22 ගැන පෙත්සම් ගොනුකිරීමේ කාලය හෙටින් අවසන්
රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක රථ වාහන ධාවනයට සීමා
නේපාලයේ සහන කටයුතුවලට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව සීරුවෙන්
10,000කට අලුතින් පොලිසියේ රැකියා
පස්වරු 2න් පසු වැසි වැටෙන ප්‍රදේශ