Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ළමා නිවාසයේ දැරියන් 09ක් කෙලෙසූ පුද්ගලයාගේ සිරුර පන්සලකින් හමු වෙයි

3 years ago

අනුරාධපුර අවන්ති දේවි බාලිකා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටි ගැහැනු ළමයින් 09 දෙනකුට යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් අපයෝජනය කළේ යැයි කියන සිද්ධිවලට අදාළ නඩු 9ක විත්තිකරුවකු දීර්ඝ ලිපියක් ලියා තබා අනුරාධපුර නගරයේ ඇති විහාරස්ථානයක භූමියක වස පානය කර මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ 45 හැවිරිදි විවාහක පුද්ගලයෙකි.

වස පානය කර ජීවිතක්‍ෂයට පත්ව ඇති බවට සැක කෙරෙන මෙම පුද්ගලයා 27 දා රාත්‍රී ගෙල වැලලා ගැනීමට ගත් උත්සාහයක් ද ව්‍යර්ථ වී තිබූ බව ද පොලිසිය කියයි.

මෙම පුද්ගලයා කලක් උතුරු මැද පළාත් සංවර්ධන නිර්මාණ හා යන්ත්‍රෝපකරණ ඒජන්සියේ කළමනාකාරවරයා ලෙස සේවය කර ඇති අතර ඔහුට විවිධ අපරාධ චෝදනා එල්ල වීම හේතුවෙන් එකී තනතුරෙන් නෙරපා හැර තිබිණි.

පසුගිය කාලයේ අනුරාධපුරයේ මහත් ආන්දෝලනයකට තුඩුදුන් අවන්ති දෙවි ළමා නිවාසයේ දැරියන් නවදෙනකුට අධික පිරිසකට යෝග ව්‍යායාම පුහුණු කරන මුවාවෙන් අපයෝජනය කිරීමේ සිද්ධීන් වලට අදාළව දැනට අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ වෙන් වෙන් වශයෙන් විභාග කෙරෙන නඩු 9ක ප්‍රධාන විත්තිකරු වූයේ මෙම තැනැත්තාය.

මෙම ළමා අපයෝජන නඩු 9ට අමතරව මොහුට එරෙහිව තවත් විවිධ අපරාධ චෝදනාවලට සම්බන්ධ නඩු 5ක් පවතින බව ද මූලස්ථාන පොලිසිය තවදුරටත් සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අනුරාධපුර පොලිසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරීහු සිදු කරති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *