Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රට ගොඩගන්න සූදානමින් 29ක් ජනපති සටනට ඇප තියයි! හාමුදුරුවන් දෙනමක් ඒ අතර!

2 years ago

2024 ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 29කි.

ඇප තැබූ පිරිස අතර හිමිවරුන් දෙනමක්ද සිටීම විශේෂත්වයකි.

ඒ අනුව බත්තරමුල්ලේ සීලරතන හිමි ජනසෙත පෙරමුණ මගින්ද අක්මීමන දයාරතන හිමි ස්වාධීන අපේක්ෂකයෙකු වශයෙන්ද ජනපති සටනට ඇප මුදල් තැන්පත් කර තිබේ.

අපේක්ෂකයන් වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීම ලබන බදාදා (14) දහවල් 12ට අවසන් වීමට නියමිතය.

මැතිවරණ කොමිසම පවසන්නේ ඉදිරිපත්වන අපේක්ෂකයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යන්නේනම් මෙවර මැතිවරණය සඳහා වැයවන මූදලද ඉහළ යනු ඇති බවය.

1994 වසරේ සිට මේ දක්වා පැවති ජනාධිපතිවරණ ඡන්ද විමසීම්වලදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයෙකු ලබාගෙන ඇති ඉහළම ඡන්ද ප්‍රතිශතය සියයට 4.08කි.

ඒ 2000 වසරේ පැවති ජනාධිපතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක නන්දන ගුණතිලක මහතා විසින් ලබාගත් ඡන්ද ප්‍රතිශතයයි.

ආසන්නතම ජනාධිපතිවරණය වන 2019 වසරේ ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාට අමතරව අතිරේක අපේක්ෂකයින් 33 දෙනාටම ලබාගත හැකිවූයේ  2.5%ක ඡන්ද ප්‍රතිශතයක් පමණී.

ඒ අනුව 2%ක වත් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත නොහැකි ඉතිරි අපේක්ෂකයින් සියලුදෙනාගේම ඇප මුදල් සියල්ල රාජසන්තක වන බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැහැදිලි කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *